ඉන්ධන අර්බුදය හමුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ තාප බලාගාරවල කටයුතුවලට බාධා පැමිණ ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධාන පවසනවා.
එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කියා සිටියේ සපුගස්කන්ද තාප විදුලි බලාගාරය ද මේ වනවිට වසා දමා ඇති බවයි.
මතුව ඇති ඉන්ධන අර්බුදයත් සමඟ ඉදිරියේදී විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ඔහු අනතුරු අඟවා සිටියා.
කාර්යබහුල වේලාවන් හිදී විදුලි ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් පසුගිය දිනවල ද රාත්රී කාලයේ ඇතැම් ප්රදේශවලට විදුලි කප්පාදුවක් සිදු වූ බවට වාර්තා වුණා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ