දෛනික විදුලි කප්පාදුව අවම කර ගැනීමට ඉදිරි දින කිහිපයේදී රජයේ සේවකයින් සඳහා නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්නැයි මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ එමගින් දෛනික විදුලි කප්පාදු කාලය පැය 02 ක් හෝ 03 ක් අවම කර ගැනීමට හැකි වනු ඇති බවයි.
මේ වන විට විදුලි කප්පාදුව සිදුකරනු ලබන වේලාවන් තුලදී කාර්යාල කටයුතු පවත්වා ගෙන යෑම සඳහා විදුලි උත්පාදන යන්ත්‍ර වලට ඩීසල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, ඒ සඳහා අවශ්‍ය ඩිසල් තොග සහ දෛනික ප්‍රවාහන සේවා සඳහා යොදා ගනු ලබන ඩීසල් ප්‍රමාණය විදුලි උත්පාදනය සඳහා යොදා ගත හැකි බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්