සෙනසුරාදා (22) දිනයේ සිට විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
හෙට පස්වරුව වන විට නොරොච්චෝලේ බලාගාරය පද්ධතියට එක් කිරීමට හැකි වනු ඇති බවට අපේක්ෂා කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසන්නේ.
පසුගිය 17 වන දින දිවයින පුරා විදුලි බිඳවැටීමක් සිදුවු අතර විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම සිදුව ඇති බව විදුලිබල අමාත්‍යාංශය පැවසුවා.
ඒ අනුව පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් දිනකට පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීම සිදු කිරීමට පියවර ගැනුණා.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක