අද (20) දිනයේ දී කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.
කාණ්ඩ 04ක් යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවලට වරින් වර විදුලි කප්පාදුවක් සිදු කරන බව ඊයේ (19) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ලංකා විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමයේ කමිටු සාමාජික එරංග කුඩාහේවා සඳහන් කළා.
ඊට හේතුව ලෙස එම සංගමය පෙන්වා දුන්නේ, පෙරේදා දිනයේ ඩීසල් සහ නැප්තීන් නමැති ඉන්ධන ද්‍රාවණ හිඟවීමෙන් කැලණිතිස්ස සහ සපුගස්කන්ද විදුලි බලාගාර වසා දැමුණේ, එය පවත්වාගෙන යාමට අවශ්‍ය තෙල් නොමැති වීමයි.
කෙසේවෙතත්, ඊයේ දිනයේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟ වී ඇත්තේ, කැලණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 10,000ක් ලබාදීමටයි.
එමෙන්ම ශ්‍රී ලංකා මහබැංකුවෙන් මුදල් නිදහස් කිරීමත් සමග වරායේ සිර වී තිබූ ඉන්ධන අඩංගු නෞකා දෙකක් ද ඊයේ (19) දින මුදා හැරීමට පියවර ගත් නිසා බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ, යළි අක්‍රීය වූ බලාගාර පණගැන්වීමට හැකියාවක් පවතින බවයි.
මේ අතර, ඊයේ පෙරවරුවේ විදුලිබල අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, කිසිම විටෙක විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි.
මෙවන් තත්ත්වයකදියි ඊයේ පස්වරුවේ දී විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය විසින් ඉන්ධන නොමැති වීමෙන් ධාරිතාව සහ සමබරතාව රැක ගැනීම සඳහා වරින්වර විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදුවන බව නිවේදනය කළා.
ඒ අනුවයි ඊයේ පස්වරු 2.30 සිට 9.30 තෙක් කාණ්ඩ 04ක් යටතේ පාරිභෝගික ජනතාවට පැයයි විනාඩි 45ක කාලයක් අඳුරේ සිටීමට සිදු වූයේ.
More Stories
එජාප – සජබ හවුලට එජාප කෘත්‍යාධිකාරියෙන් අනුමැතිය
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්