දිවයින පුරා දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව හේතුවෙන් ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන සේවක සංගමය පවසනවා.
එහි සම ලේකම් උපාලි රත්නායක කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පවතින තත්වය හමුවේ ප්‍රාදේශීය ජල සැපයුම්වලදී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි බවයි.
කෙසේ වෙතත්, කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවලට ජලය සැපයෙන අඹතලේ ජල පිරිපහදුවට මෙම විදුලි කප්පාදුවෙන් මෙතෙක් බලපෑමක් සිදුව නැහැ.
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ අඹතලේ ජල පිරිපහදුවට වෙනත් අතිරේක සැපයුමක් මගින් විදුලිය සැපයෙන බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට