අඛණ්ඩ විදුලි සැපයුමක් සඳහා විදුලි බිල්පත් නිසි කලට ගෙවීම අත්‍යාවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩලය සදහන් කරයි.
එම නිසා නොපමාව විදුලි බිල්පත් ගෙවීමට කටයුතු මෙන් පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු එම්. ආර්. රණතුංග මහතා ඉල්ලා සිටියි.
විදුලි බිල්පත් ගෙවීම් සදහා ජංගම දුරකථනයේ CEB care ජංගම දුරකථන යෙදවුම හරහා මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ වෙබ් පිටුව හරහා භාවිතා කළ හැකි බව ඒ මහතා පැවසීය.
රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දෛනික විදුලි පරිභෝජනය ඉහළ ගොස් ඇති බව ද එම්. ආර්. රණතුංග මහතා පෙන්වා දෙයි.
විදුලිබල මණ්ඩලයේ වියදම් පියවා ගැනීම සහ ජනන අවශ්‍යතා සදහා ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව ඒ මහතා සදහන් කරයි.
ඒ සදහා පාරිභෝගිකයින් විසින් බිල්පත් සදහා ගෙවන මුදල අවශ්‍ය බවද එම්. ආර්. රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්