විදුලි බිල පදනම් කරගෙන පවුලකට මාසකට ගෑස් සිලින්ඩරයක් ලැබෙන ආකාරයේ වැඩපිළිවෙළක් සකස් කරන බව ලිට්‍රෝ සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ නිර්මාණ වී තිබෙන තත්වය අනුව ඇතැම් පුද්ගලයන් එකවර ගෑස් සිලින්ඩර කීපයක් ලබාගැනීම සහ ඇතැමුන් ගෑස් සිලින්ඩර වැඩි මිලට අළෙවි කිරීමේ කූට ව්‍යාපාරයක් ගෙන යෑම පිළිබඳව අවදානය යොමු කර මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරියා කීය.
ගෑස් බෙදාහැරීමට විවිධ ආයතන සහ පුද්ගලයන් සම්බන්ධ වීමෙන් ව්‍යාකූල තත්වයක් නිර්මාණය වී ඇති බව කී එම නිලධාරියා ජනතාව ගෑස් බලහත්කාරයෙන් ලබාගන්නා තත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට