එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 299 දෙනෙකු අද (13) අලුයම ගුවන් යානා දෙකකින් කටුනායක සහ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
අද අලුයම 1.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්- 668 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ගුවන් මගීන් 15 දෙනා අතුරින් 10 දෙනෙකු ශ්‍රී ලාංකිකයන් වූහ.
ඉතිරි 05 දෙනා ශ්‍රී ලංකාවේ සේවය කරන ඉතාලි සහ ප්‍රංශ තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරීන් වෙයි.
මීට අමතරව අද අලුයම 5.30 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 289 දෙනෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් සියලු දෙනා එම ගුවන් තොටුපළවල දී පී.සී.ආර් පරීක්ෂණවලට යොමු කර තිබේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි