රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් විදේශ රැකියාවල නියුතුවුවන්ගේ පැමිණිලි, අන්තර්ජාලය ඔස්සේ යොමු කිරිමට පහසුකම් සලසා දී ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
ඒ අනුව විදෙස්ගත ශ්රමිකයාට හෝ ඔහුගේ පවුලේ ඥාතියෙකුට අදාළ ශ්රමිකයාගේ පැමිණිල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ http://www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ඔන්ලයින් කම්ප්ලේන් මෙනුව හරහා යොමුකිරීමට හැකියාව පවතින බව සඳහන්.
විදෙස්ගත ශ්රමිකයාගේ ගමන් බලපත්ර අංකය, නම, දුරකථන අංකය හා පැමිණිල්ල ඇතුළත් කිරීමෙන් එම සේවාව ලබා ගත හැකිය.
එම පැමිණිලි සඳහා අදාළ පැමිණිලිකරුට යොමු අංකයක් ඒ මොහොතේම තම ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් මඟින් ලැබෙන අතර අනතුරුව පැමිණිල්ල කාර්යාංශයේ නියමිත අංශයට යොමු වු පසුව ඒ පිළිබඳව ද දන්වමින් නැවත ජංගම දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබෙන බව සඳහන්.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ