චීන මාධ්‍ය සමූහයේ 05 වැනි විදේශ විඩියෝ ප්‍රදර්ශන උළෙල ඇරඹේ. අද (10) දිනට යෙදුණු එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනයට සමගාමීව එම උළෙල ආරම්භ වීම විශේෂත්වයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා කාර්යාලය හා ස්විට්සර්ලන්තයේ සෙසු ජගත් සංවිධාන සඳහා චීනයේ ස්ථාවර නියෝජිතායතනය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා කාර්යාලය සමග එක්ව චීන මාධ්‍ය සමූහය එම උළෙල සංවිධානය කර තිබේ. “ චීන සංචාරය”(China Travel)යන ප්‍රධාන තේමාව යටතේ තමන් චීනයේ ලද සංචාරක අත්දැකීම් විඩියෝ නිර්මාණ මගින් බෙදා ගන්නා ලෙස මෙවර විදේශ විඩියෝ ප්‍රදර්ශන උළෙල ඔස්සේ චීන මාධ්‍ය සමූහය ගෝලීය වශයෙන් ඇරයුමක් කර ඇත. විදේශිකයන්ගේ දෘෂ්ඨිකෝණයෙන් ආකර්ෂණීය චීනයක් විදහාලමින් ලෝකවාසීන්ට චීනය පිළිබඳ මනා අවබෝධයක් ලබා දීමේ අවස්ථාවක් උදා කර දීම මෙහි අරමුණ ය. අද සිට එළඹෙන මැයි 26 වැනි දා දක්වා එම විඩියෝ ප්‍රදර්ශන උළෙල සඳහා විදේශිකයන්ට සිය නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව සැලසේ.
මේ අතර 2025 වසරේ එක්සත් ජාතීන්ගේ චීන භාෂා දිනය සහ චීන මාධ්‍ය සමූහයේ 05 වැනි විදේශ විඩියෝ ප්‍රදර්ශන උළෙල වෙනුවෙන් එළඹෙන 15 වැනි දා ජිනීවා නුවර පිහිටි Palace of Nations හිදී උත්සවයක් ද සංවිධානය කෙරේ.
More Stories
විවිධ අවධානම් හා අභියෝගයන්ට චීනය සන්සුන්ව හ ශක්තිමත්ව ප්‍රතිචාර දක්වා ඇතැයි චීන අගමැති කියයි
ඉරාන න්‍යෂ්ටික ප්රශ්නය පිළිබඳ ත්‍රෛපාර්ශ්වික විශේෂඥ සාකච්ඡාව සඳහා රුසියාවේ සත්කාරකත්වයට චීනයෙන් සහාය
ප්‍රජාතන්ත්‍රවාදිව දේශපාලනය කරපු JVP එක තහනම් කරා – ටිල්වින් සිල්වා