විදේශ ගතවන පුද්ගලයින්ට එම රටවල් අනුමත කරන ලද එන්නත් ලබා දීම සඳහා තුන් වන මාත්‍රාව ලෙස ලබාදෙන ෆයිසර් එන්නත හතරවෙනි මාත්‍රාවක් ලෙස ද ලබා දීමට කටයුතු කර තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ තුන්වන මාත්‍රාව ගෙන මසකට පසු හතරවෙනි මාත්‍රාව ලබාගත හැකි බවයි.
මෙම හතරවෙනි මාත්‍රාව විදේශගත වන අය සඳහා පමණක් ලබා දීමට කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර අද දිනයේ දිස්ත්‍රික්ක 11 ක කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා.
මඩකලපුව දිස්ත්‍රිකකයේ මධ්‍යස්ථාන 16 කදී එන්නත් ලබාගත හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
කොළඹ 13 ක් අම්පාර 12 ක් මෙන්ම කළුතර 10 ක්ද ඇතුළුව මධ්‍යස්ථාන 75 කදී අද ප්‍රතිශක්තීකරණ වැඩසටහන ක්‍රියාත්මකයි.
මේ වන විට පුද්ගලයන් 6,239,597 දෙනෙකුට බුස්ටර් මාත්‍රාව ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ නවතම වාර්තා වල සඳහන්.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්