කොල්ලුපිටිය පොලිස් වසමේ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය සමාජ ශාලාවක් වටලා විදේශ ජාතික පුද්ගලයන් 09ක, විදේශ කාන්තාවන් 03ක් හා ලාංකික පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
එහි තිබී බලපත්‍ර රහිත බියර් බෝතල් 483ක්, වයින් බෝතල් 06ක්, දේශීය මත්පැන් බෝතලයක්, තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 100ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සමාජ ශාලාව පවත්වාගෙන ගොස් ඇත්තේ විදේශ ජාතික කාන්තාවක් වන අතර ඇය කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් පසු රුපියල් 90000ක දඩ මුදලකට යටත්ව මුදා හැර ඇති බව සඳහන්.
තීරු බදු රහිත දුම්වැටි ළඟ ත බාගැනීමේ වරද පිළිගත් කළමණාකරු අධිකරණය හමුවේ වරද පි ළිගැනීමෙන් අනතුරව රුපියල් 60000ක දඩ මුදලකට යටත්ව මුදා හැර ඇති අතර සෙසු සැකකරුවන් හා සැකකාරියන් විමර්ශන කටයුතුවලින් අනතුරුව පොලිස් ඇප මත මුදා හැරුණා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්