විදෙස් රටවලින් ලංකාවට ඖෂධ

මෙරට උද්ගතවී ඇති ඖෂධ හිඟය මගහරවා ගැනීමට විදෙස් රටවල් කිහිපයක් උදව්කිරීමට ඉදිරිපත් වී තිබේ.

ඒ අනුව ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙස වර්ග 101කට අයත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් ලබන බදාදා (26) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඉන්දුනීසියාව ද පරිත්‍යාගයක් ලෙස රුපියල් මිලියන 340ක් වටිනා ඖෂධ ලබාදීමට එකඟ වී ඇති බව අමත්‍යාවරයා සඳහන් කළේය.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com