විවිධ අපරාධවලට සම්බන්ධ එහෙත් දැනට විදේශයන්හි රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 14ක් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් රතු නිවේදන ලබාගෙන ඇති බව
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
එම රතු නිවේදන ජාත්‍යන්තර පොලිසිය වෙත යොමු කිරීමට නියමිතයි. සුරංග නොහොත් වැල්ලේ සුරංග, පරණමානගේ චමින්ද නොහොත් කලු සාගර, සුරසිංහ ආරච්චිගේ ගිහාන් ෆොන්සේකා, සෝමු සුප්පයියා නොහොත් යෝගු, කෙනඩි ප්‍රනාන්දු නොහොත් බුම්මා, සිංහාර අමල් සමින්ද සිල්වා නොහොත් කුඩු අංජු, එම අපරාධ කල්ලි සාමාජිකයන්ගේ කිහිප දෙනෙක්.
දිනූක මදුෂාන්, නල්ලපෙරුම තන්ත්‍රිගේ ධනුක රොෂාන් නොහොත් කෙසෙල්වතේ දිනුක, එල්ලාවල ලියනගේ ධර්මසිරි පෙරේරා නොහොත් ධර්මේ, සුජීව ද සොයිසා නොහොත් කොස්ගොඩ සුජී යන අය ද ඒ අතර වේ. මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා, බාලචන්ද්‍ර පුෂ්පරාජ් නොහොත් පූකුඩිකන්නා සහ සෙල්වරාජ් ධනේෂන් යන පිරිස එම පිරිසට අයත් වන අතර, ඔවුන් සම්බන්ධයෙන් මෙලෙස රතු නිවේදන ලබාගෙන තිබේ.
එමෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් නීති විරෝධී අයුරින් උපයාගත් රුපියල් මිලියන 4,000ක් පමණ වටිනා ඉඩම් මෙන්ම රුපියල් මිලියන 2,600ක් සංසරණය වූ බැංකු ගිණුම් 102ක් අණාවරණය කර ගත් බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළා.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්