මෙරට රැදී සිටින විදේශිකයන්ගේ සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය ඔක්තෝම්බර් 7 වනදා සිට නොවැම්බර් 6 දක්වා තවත් දින 30 කින් දීර්ඝ කර තිබෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
2021 මැයි 11 දින සිට නොවැම්බර් 6 දින දක්වා කාලසීමාව තුල කල් ඉකුත් වූ වලංගු වීසා සඳහා එම කාලසීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අය කරන අතර, කිසිදු දඩ මුදලක් අය නොකරන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්