දැනට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වලංගු වීසාවල කාලය මාසයකින් දීර්ඝ කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව, එම කාලය සැප්තැම්බර් 7 වනදා සිට ඔක්තෝබර් 7 වනදා දක්වා බලපැවැත්වෙයි.
2021 මැයි 11 වනදා සිට 2021 ඔක්තෝබර් 07 වනදා දක්වා කාලසීමාව තුළ කල් ඉකුත්වූ වලංගු වීසා සඳහා එම කාලසීමාවට අදාළ වීසා ගාස්තුව පමණක් අය කරන බවත් කිසිදු දඩ මුදලක් අය නොකරන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ,

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට