නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදේශිය වන්දනාකරුවන්ට තහනම් කිරිමට සෞදි අරාබි රජය තීරණය කර තිබෙනවා.
සෞදි අරාබියාව තුළ කොරෝනා වෛරස් ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නෙ.
ඒ අනුව එරට වෙසෙන සීමිත සංඛ්‍යාවකට පමණක් මෙවර හජ් වන්දනාව සඳහා අවසරය හිමිවන බව එරට මාධ්‍ය නිවේදනය කර සිටිනවා.
වාර්ෂිකව පැවැත්වෙන හජ් වන්දනාව සඳහා මිලියන දෙකට ආසන්න බැතිමතුන් පිරිසක් පැමිණෙනවා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි