දිවයිනට පැමිණ සිටින විදේශීය සංචාරකයින් හට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමවේදය යටතේ සංචරණ කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හා පොලිස්පතිවරයා ද දැනුවත් කර ඇති බවයි. පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණ ද ඉහත ක්‍රමවේදය යටතේ සංචාරකයින්ට පළාත් අතර සංචරණ කටයුතු සිදුකළ හැකි බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්