කොරෝනා වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ විදේශීය එන්නත් මෙරට තුළ ලියාපදිංචි කිරීමේ කටයුතු ඉදිරි දෙසතිය තුළ ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.
ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ දැනටමත් එවැනි එන්නත් හයක් පිළිබඳව සළකා බලමින් සිටින බවයි.
ලබන සතියේදී රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – ෆයිව් එන්නත සම්බන්ධයෙන් මෙරට රුසියානු තානාපතිවරයා සමඟ සාකච්ඡා කරන බව ද හෙතෙම කියා සිටියා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ