විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය විසින් සපයනු ලබන සියලූම සේවාවන් අද (08) සහ හෙට (09) දිනවල තාවකාලිකව අත්හිටුවා ඇත.
එම අමාත්‍යංශය නිවේදනය කරනුයේ කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි.
ඒ අනුව කොළඹ සෙලින්කෝ ගොඩනැගිල්ලේ පිහිටා ඇති කොන්සියුලර් කටයුතු අංශය අමුත්තන් සඳහා වසා තබයි.
විදේශයන්හි ශ‍්‍රී ලාංකිකයින්ගේ මරණ පිළිබඳ විමසීම්, මරණ සම්බන්ධ ලියකියවිලි සඳහා සහය සහ අපනයන ලේඛන සහතික කිරීම සම්බන්ධ විමසීම් පමණක් කළින් වේලාව වෙන්කර ගැනීමේ පදනම මත භාරගන්නා බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ සදහා හදිසි ඇමතුම් අංක ඔස්සේ වේලාව වෙන්කරගත හැකිය.
විදේශයන්හි සිදුවන මරණ පිළිබද 011 233 88 36 හෝ 011 233 59 42 යන දුරකතනවලට ඇමතිය යුතුයි. අපනයන ලේඛන සහතික කිරීම සදහා ඇමතිය යුත්තේ 011 233 88 12 දුරකතන අංකයට බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ‍්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ‍්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ‍්‍රී ලංකා ජනපති අතර හමුවක්