ලබන 14 වනදා සිට විදේශයන් හි සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා.
නිරෝධායන මධ්‍යස්ථානවල පවතින ඉඩකඩ සීමා සහිත වීම ඊට හේතුව බවයි විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පවසන්නේ.
කෙසේ වුව ද අද සහ හෙට මාලදිවයින මෙන්ම ජෝර්දානයේ සිට මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර සිටි පිරිස ඒ අයුරින්ම ගෙන්වා ගැනීම සිදුවනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ