2015 – 2019 කාලය තුළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සිදුවූ මූල්‍ය වංචා පිළිබඳ සකස් කළ අතුරු කමිටු වාර්තාව විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා වෙත භාරදී තිබේ.
අදාළ කාලය තුළ කාර්යාංශයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා නීතීඥ රඛිත අබේගුණවර්ධන, නීතීඥ දුෂ්මන්ත තොටවත්ත සහ නීතීඥ තුෂාරි සූරියආරච්චි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබුණි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා, “ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2015-2019 කාලය තුළ සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කර තිබුණා. ඒ වාර්තාව අද මට ලබාදුන්නා. කාරණා අටක් සම්බන්ධයෙන් මෙහි ඇතුළත් වෙනවා.
විශේෂයෙන් රන්පියාපත් මාධ්‍ය වැඩසටහන, සම්මත ක්‍රමවේදයෙන් බැහැරව ලබාගත් වාහන, ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සභාපතිතුමාට ජගුවර් කාර් රථයක් මිළදී ගැනීම, දේශපාලන කටයුතුවලට නිළධාරීන් සම්බන්ධ කරගැනීම පිලිබදව ගත් ක්‍රියාමාර්ග, අධීක්ෂණ මන්ත්‍රි ගාල්ල ප්‍රදේශයේ කාර්යාංශ ශාඛාවක් ආරම්භ කිරීම, සම්බන්ධයෙන් පියවර ගන්නවා.
ප්‍රධාන වශයෙන් මිලියන 138ක් පසුගිය වසර තුළ මෙම කරුණු 8 මගින් පමණක් රජයට පාඩු වෙලා තිබෙනවා. මම රජයේ මුදල් නැවත රජයට ලබාගැනීම සඳහා මේ වාර්තාව ලේකම්වරයාට ලබාදීලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකිරීමට බලාපොරොත්තු වෙනවා.”
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එස්. අරුමෛනායගම්, කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ, අධ්‍යක්ෂ නිමල් තිබ්බොටුමුනුව යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්