විධිමත් බහුධ්‍රැවීයකරණය හා සහභාගීත්ව ආර්ථික ගෝලීයකරණය ගොඩනැංවීමට චීනයෙන් සහාය

විධිමත් බහුධ්‍රැවීයකරණය හා සහභාගීත්ව ආර්ථික ගෝලීයකරණය ගොඩනැංවීමට චීනය අඛණ්ඩ ව සහාය වන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.

බහුධ්‍රැවීයකරණය වත්මන් ලෝකයේ ප්‍රධාන ප්‍රවණතාවකි. මෙය වළක්වා ගත නොහැකි, නව යුගයට සරිලන ප්‍රවණතාවක් බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ ඒ සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. ලෝකයේ විවිධ රටවල් යුක්ති සහගත බවේ රැඳී සිටිමින් ඉහළ අවධානයට ලක්වූ ගෝලීය හා කලාපීය ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් සංවර්ධනාත්මක අයුරින් පෙනී සිටිනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.

මියුනිච් ආරක්ෂක සමුළුව පසුගිය දා නිකුත් කළ වාර්තාවකට අනුව, චීනය බහුධ්‍රැවීයකරණය සඳහා වන ප්‍රධාන සහාය දක්වන්නෙකු මෙන් ම විධිමත් ගෝලීය බහුධ්‍රැවීයකරණය අපේක්ෂාවෙන් සිටින්නෙකු වීම විශේෂත්වයකි.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com