ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති “rapid antigen test” හෙවත් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ මගින් කොවිඩ් -19 ආසාදිතයන් සෙවීම ලබන සතියේ සිට දිවයින පුරා ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම පරීක්ෂණ ආරම්භ කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර සහ ප්‍රතික්‍රීයක කට්ටල ලක්ෂ දෙකක් පළමු අදියර යටතේ මෙරටට ගෙන්වා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කළේ.
විනාඩි විස්සක් වැනි කාලයකදී කොවිඞ් ආසාදිතයන් හඳුනා ගැනීමට මෙම පරීක්ෂණයෙන් අවස්ථාව ලැබෙනු ඇති.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතික්‍රීයක කට්ටල දෙකක් අනුමත කර ඇති අතර එම කට්ටල පමණක් ශ්‍රී ලංකාවට ආනයනය කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියා.
මෙහිදී කිසියම් පිරිසකට රෝග කාරකය වැලඳී ඇත්දැයි යන්න විමර්ශනය කර රෝගීන් හඳුනා ගැනීම සිදු කෙරෙන අතර, හඳුනාගන්නා රෝගියා ඉන්පසු පීසීආර් පරීක්ෂණයකට ලක් කරන බවයි ඔහු කියා සිටියේ.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග