අබුඩාබි විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී විනිසුරුවරයෙකුට සිදුවූ ඇබැද්දියක් මේ වනවිට බොහෝදෙනෙකුගේ කතාබහට ලක්ව තිබේ.
ඊයේ පැවති Northern Warriors හා Chennai Braves අතර තරඟයේ විනිසුරු ලෙස ක්‍රියා කල අලීම් ඩාර් මෙම ඇබැද්දියට මුහුණදනු ලැබීය.
පන්දු රකින්නෙකු විසින් යොමුකළ පන්දුවක් ඔහුගේ හිසේ වැදීමෙන් අනතුරට ලක්වන හැටි කැමරාවේ සටහන්ව තිබේ.
කෙසේ වෙතත් එම අවස්ථාවේ ඔහුට පසුපස පන්දුරකිමින් සිටි ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් පන්දුව පැමිණෙන බවට සංඥා කළද ඉන් බේරීමට විනිසුරුවරයාට නොහැකි වෙයි.
පසුව විනිසුරු අසලට පැමිණෙන ඇන්ජලෝ පෙරේරා විසින් විනිසුරුවරයාගේ හිසට සම්භාහනයක් ලබා දුන්නේ මෙලෙසින්.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි