මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා වික්ෂයේ විරෝධය මැද පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද(08) දිවුරුම් දුන්නේ ය.
මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට අවසර ලබාදෙන ලෙස අභියාචනාධිකරණය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට අතුරු නියෝගයක් නිකුත් කළේය.
බන්ධනාගාර නිලධාරීන් විසින් ප්‍රේමලාල් ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවට රැගෙන එනු ලැබුවේ, ඒ අනුවයි.
අද දිනයේ සමඟි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් මෙයට විරෝධනය පල කරමින් කළු සාටක පැළඳ පාර්ලිමේන්තු සභාවට පැමිණ අතර ප්‍රේමලාල් ජයසේකර මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේ කෑකෝ ගසමින් ඊට විරෝධය පල කර සිටියේය.
මීට පෙර අවස්ථාවක දී සරත් ෆොන්සේකා මහතා බන්ධනාගාරගතව සිටියදී, පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගීවීමට ඔහුට අවසර නොදීම සම්බන්ධයෙන් ද කරුණු දැක්වීම් ඉදිරිපත් විය.
ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාගේ දිවුරුම් දීමේ ක්‍රියාවළිය පිළිබඳව විරෝධය දක්වමින් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් අද (08) පස්වරුවේ පාර්ලිමේන්තු සභාවෙන් පිටව ගියේ ය.
එම විරෝධතා දැක්වීම පදනමක් නොමැති බවත් මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරයකුට, මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට අවස්ථාව ඉල්ලා සිට ඇති බවත් ඒ සඳහා කතානායකවරයා අවස්ථාව සළසා තිබෙන බවත් එයට විරෝධය දැක්වීමට නොහැකි බවත් සභානායකවරයා සිය අඳහස් දක්වමින් පැවසීය.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව