විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සභාවට ගෙනැවිත් ඇති බැනර් ඇතුළු ද්‍රව්‍ය රැසක් පාර්ලිමේන්තු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කරන ලෙස සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ඉල්ලීමක් කළේය. විපක්ෂය මෙලෙස පාර්ලිමේන්තුවේ අනාරක්ෂිත තත්ත්වයක් ඇති කිරීම පිළිබඳ වහා සොයා බැලිය යුතු බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. මෙහිදී අදහස් දැක්වූ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කළේ ආණ්ඩු පක්ෂය විසින් ගෙන එන ලද පෝස්ටර් සම්බන්ධයෙන්ද විමර්ශනය කළ යුතු බවයි.
- මුලාශ්‍ර දිනමිණ පුවත්පත
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක