2020 අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (23) රාත්‍රියේ නිකුත් කෙරුණි.
ඒ අනුව මේ වනවිට බොහෝ දරුවන්ට තිබෙන ගැටලුවක් වන්නේ විභාග අංකය අමතකවීම බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ විභාග අංකය අමතක වූ දරුවන්ට ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් ප්‍රතිඵල නිරීක්ෂණයට හෝ ප්‍රතිඵල ලේඛනය භාගත කරගැනීමට හැකියාව පවතින බවය.
“ගොඩක් අයට තියෙන ලොකුම ප්රශ්නය විභාග අංකය අමතකවීම. ඒ අයට පුළුවන් ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරලා ප්‍රතිඵල ලේඛනය භාගත කරගන්න. සාමාන්‍ය පෙළ විභාගට පෙනී සිටි සියලුම දරුවන්ට දැන් පුළුවන් වෙබ්අඩවියට ගිහින් මේ සහතිකය ඩවුන්ලෝඩ් කරගන්න. මේ ප්‍රතිඵල ලේඛනය සෑම තැනකදීම භාවිත කරන්න බලය තියෙනවා. නැවත මුදල් ගෙවා සහතිකයක් ලබාගැනීම අවශ්‍ය වෙන්නේ නෑ.”
මේ අතර එම දෙපාර්තමේන්තුව පවසන්නේ, විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම් 011 2 784 208, 011 2 784 537, 011 3 140 314 යන දුරකථක අංක හෝ 1911 යන ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බවය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්