ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීනව කටයුතු කරන කණ්ඩායම ඉදිරිපත් කළ සංශෝධනවලට නියමිත වටිනාකමක් ලබා දෙන්නේ නම් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා දෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා.
ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවෙන් ස්වාධීනවූ පක්ෂ නවයක නායකයන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
ස්වාධීන පක්ෂ එකමුතුව විසි එක් වෙනි සංශෝධනයට අදාළ කෙටුම්පත අධ්‍යයනය කර යෝජනා ඉදිරිපත් කර ඇතැයිද ඔහු සඳහන් කළේය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට