‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ව්‍යාප්තිය ඉතාමත් හොඳින් පාලනය කර ගැනීමට සමත් වූ වියට්නාමයෙන් ද යළිත් වරක් ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන ඇත.
වියට්නාම වැසියන් මේ වනවිට මුහුණ දෙන්නේ දෙවැනි කොරෝනා රැල්ලට යැයි එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. වියට්නාමයෙන් මේ වනවිට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් ගණන 30,478 කි. මරණ වාර්තා වන්නේ 123 ක් ලෙසිනි. වයිරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ ගණන 9,275 කි.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට, වියට්නාමයේ දෙවැනි කොරෝනා රැල්ලට හේතුව ‘ඩෙල්ටා’ ප්‍රභේදය එරට සමාජයේ ව්‍යාප්තවීමය.
වයිරස ආසාදිතයන් වැඩියෙන් වාර්තා වීමට පටන්ගෙන ඇති හෝ චී මින් නගරය සති දෙකක කාලයකට සම්පූර්ණයෙන් වසා දමා තිබේ. හෝ චින් මින් නගරයේ ජනගහනය මිලියන 9 කි.
අවුරුදු 18 වැඩි සියලු දෙනා එන්නත් කිරිමට වියට්නාම රජය තීරණය කර තිබේ.
කෙසේ නමුත් එන්නත් වැඩසටහන ඉතා මන්දගාමීව සිදුවෙන බව සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමත්‍යාංශයට රටේ ජනගහනයෙන් සියයට 70 කට වඩා එන්නත් කිරීමට හැකිවනු ඇත්තේ ලබන වසරේ මාර්තුවේදීය. වියට්නාමයේ එන්නත් ලබා දී ඇති පිරිස මිලියන 4 කි. 2,40,000 ක පිරිසක් එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
පසුගිය 2021 අප්‍රේල් මාසය වෙද්දී, මිලියන 100 ක ජනගහනයක් වෙසෙන වියට්නාමයෙන් වාර්තා වූ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 3,000 ක් පමණි. කෙසේ නමුත් සෞඛ්‍ය අංශ මවිතයට පත් කරමින් ආසාදිතයන් හිටිහැටියේ ඉහළ යන්න විය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි