විරාට් කෝලි ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කිරීමට හේතුව මේවන විට හෙළිවී තිබේ.
විශේෂයෙන් ම පසුගිය ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟයෙන් නවසීලන්තයට පරාජය වීමත් සමගම කණ්ඩායමේ සමහර ක්‍රීඩකයින් සහ කෝලි අතර මතගැටුම් උත්සන්න වී තිබුණි.
විශේෂයෙන්ම උප නායක අජින්ක්‍යා රහනේ, චෙතෙස්වර් පුජාරා සහ රවිචන්ද්‍රන් අශිවින් කෝලි සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ඔවුන්ගේ අප්‍රසාදය ප්‍රකාශ කර ඇති බව ඉන්දීය මාධ්‍ය පැවසීය.
අනතුරුව එරට ක්‍රිකට් බලධාරීන් විසින් කෝලි සම්බන්ධයෙන් අනෙක් ක්‍රීඩකයින්ගෙන් ද තොරතුරු විමසා තිබුණි. එහිදී බොහෝ ක්‍රීඩකයින් කෝලිට එරෙහිව අදහස් ප්‍රකාශ කර තිබූ බව සඳහන් විය.
ඔහු ඉන්දීය T20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ ඉන් අනතුරුව බව මාධ්‍ය වාර්තා කළේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි