දකුණු අප‍්‍රිකාණු කණ්ඩායම සමග පැවැත්වෙන T20 තරග මාලාව සදහා නම් කළ ඉන්දීය සංචිතයේ ප‍්‍රභල ක‍්‍රීඩකයින් වන විරාට් කෝලි සහ නායක රෝහිත් ශර්මා ඉවත් කර තිබෙනවා.
ක‍්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වය ලෝකේෂ් රාහුල්ට හිමි වී ඇති අතර උප නායකත්වය රිෂාබ් පාන්ට් ට හිමිව තිබෙනවා.
මෙවර ෂඡුඛ තරගාවලියේදී ඉහළ දස්කම් ප‍්‍රදර්ශනය කළ ඉෂාන් කිෂන්, දිනේෂ් කාර්තික්, ආවේෂ් ඛාන් වැනි ක‍්‍රීඩකයින්ට මෙවර සංචිතයේදී වැඩි ඉඩක් ලබාදීමට ඉන්දීය ක‍්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් දෙරට අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය සදහා නම් කළ 17 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයේ නායකත්වය රෝහිත් ශර්මාට හිමිව තිබෙනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි