කොන්දේසි දෙකක් සපුරාලන තුරු තමන්, සාකච්ඡා ප්‍රතික්ෂේප කරන බව ගාලුමුවදොර විරෝධතාකරුවන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
විරෝධතාවට සම්බන්ධ ප්‍රමුඛ පෙළේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති ලිපියට අනුව ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවේ සිටින සියලුම රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට ඉල්ලා අස්විය යුතු බව බලකර තිබේ.
තම ප්‍රධාන ඉල්ලීම් දෙක ඉටුවන තුරු “ගෝඨාගොගම” විරෝධතාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද විරෝධතාකරුවන් අගමැතිවරයාට දන්වා ඇත. විරෝධතාකරුවන් සමඟ සාකච්ඡාවකට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව විරෝධතාකරුවන් සිය ඉල්ලීම් දෙක ඉදිරිපත් කර තිබේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්