කොළඹ ජින්තුපිටියේ දී කොරෝනා ආසාදිතයෙකු හදිසියේ හමු වූ ආකාරයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවත් ආසාදිතයින් හමුවීමට ඉඩ ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
කොරෝනා අවදානම කෙරෙහි පූර්ණ අවධානය යොමු කර ඇති බැවින් එවැනි රෝගීන් වාර්තා වුවද රෝගය පැතිරීම පාලනය කිරීමට හැකි වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.
කෙසේ වෙතත් ඔහු පෙන්වා දෙන අවදානම් සහගත කාරණයක් වන්නේ දිවයිනට හොර රහසේ පැමිණෙන පුද්ගලයින්ගෙන් රෝගය පැතිරීම ආරම්භ වුවහොත් එය භයානක තත්ත්වයක් ඇති කිරීමට හේතු විය හැකි බවයි.
කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයා සමාජය තුළින් හඳුනාගත් ආසාදිතයෙකු ලෙස සැළකිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.ඒ ඔහු නිරෝධායන ක්‍රියාවලියකට ඇතුලත්ව සිටි පුද්ගලයෙකු හේතුවෙන්.
කෙසේ වෙතත් මෙම ආසාදිතයා සමීපව ඇසුරු කළ පුද්ගලයින් ලෙස සැළකෙන 154 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු කර තිබෙනවා.
මුහුදු ආරක්ෂකයෙකු ලෙස සේවය කළ ඔහු ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකු වන අතර දින 14 ක අනිවාර්යය නිරෝධායන ක්‍රියාවලියකින් අනතුරුව තවත් දින 14 ක් සිය නිවස තුළ නිරෝධායනය වෙමින් සිටියදී ඔහුගෙන් රෝග ලක්ෂණ මතුවී තිබෙනවා.
මේ අතර ජින්තුපිටිය ප්‍රදේශයෙන් නව ආසාදිතයෙකු හමුවීම සහ කොරෝනා දෙවැනි රැල්ලක අවදානම පිළිබඳ වී එෆ් එම් ප්රවෘත්ති වෙත අදහස් දැක් වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේ නියදි පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙල තවදුරටත් පුලුල් කළ යුතු බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට