ICC වයස අවුරුදු 19න් පහළ පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 14 වැනිදා සිට කැරිබියන් දූපත්වලදී ආරම්භ වන අතර එය යළිත් වරක් ජාත්‍යන්තර මට්ටමේ තරුණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වසර ගණනාවක් පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත සුපිරි තරු රැසක් බිහි කිරීමට මුල්වු මෙම තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රමුඛ පෙළේ රටවල් සහභාගී වේ.
ඉන්දීය ටෙස්ට් නායක විරාත් කෝලි සහ නවසීලන්ත නායක කේන් විලියම්සන් වැනි බොහෝ දෙනෙක් ජාත්‍යන්තරයට යාමට පෙර මෙම තරඟාවලියේ සිය සලකුණ තබා ඇත.
තරගාවලියේ අවසන් මහා තරගය ඇන්ටිගුවා හි SIr Vivian Richards ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරඟාවලිය ආරම්භයට පෙර, හිටපු බටහිර ඉන්දීය කොදෙව් නායක විවියන් රිචඩ්ස් ඇතුලත් වීඩියෝ පටයක් ICC විසින් Instagram හි පළ කර මෙම තරඟාවලිය ප්‍රවර්ධනය කළේය
වීඩියෝවේ විවියන් රිචඩ්ස් ඔහුගේම ප්‍රතිමාව ඉදිරිපිට පිත්තක් ඔසවා සිටින අයුරු ද දැක ගත හැකිය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි