රෝහල් වල සායනික පුහුණුව සඳහා යන වෛද්‍ය සිසුන් සඳහා කොවිඩ් 19 සඳහා ලබාදෙන එන්නත ලබාදීමට කටයුතු කර තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවති විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළා.
මීට අමතරව විශ්ව විද්‍යාල කොටස් වශයෙන් ආරම්භ කිරීමටත්, ඔවුන් සඳහා කොවිඩ් 19 එන්නත විදීමටත් කටයුතු කරන බවයි ඒ මහතා අවධාරණය කළේ.
ඒ අනුව පළමු ඛාණ්ඩයේදී තෙවන සහ සිව්වන වසර සඳහා කැඳවීමි ලැබෙන බවත්, ඔවුන්ට එම එන්නත පළමු ලෙසම එන්නත් කර ඉන් අනතුරුව පළමු සහ දෙවන වසර සඳහා කැඳවීම් සිදු කරන බවත්, ඔවුන්ට එන්නත ලබා දෙන බවත්, ක්‍රමයෙන් විශ්ව විද්‍යාල පද්ධතිය සාමාන්‍යකරණය කරන බවත්, සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්