මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සිසුන් හතළිස්දහසටම ණය ව්‍යාපෘතියක් යටතේ ලැප්ටොප් පරිගණක ලබාදීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව ලැප්ටොප් මිලට ගැනීමට පහසුකම් සැලසෙන අතර උපාධිය අවසන් වන තෙක් සිසුන්ට ගෙවීමට සිදු වන්නේ මාසික පොලී වාරිකය පමණයි.
මූලික මුදල ගෙවීමට සිදුවන්නේ උපාධිය ලබාගැනීමෙන් පසුව වීම විශේෂත්වයක්.
මෙම ක්‍රමවේදය සඳහා රාජ්‍ය බැංකුවක් ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග එකඟතාව පළ කර තිබෙනවා.
ණය ව්‍යාපෘති වෙනුවෙන් ඉතාම අඩු පොලී අනුපාතයක් අය කිරීමට ද එම බැංකුව එකඟ වී ඇති බව සඳහන්.
ලැප්ටොප් සැපයීම සඳහා කොන්දේසි කිහිපයක් යටතේ ආයතන තෝරා ගැනීම ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් සිදු කෙරෙන නමුත් සිසුන්ට අවශ්‍ය ආයතනයකින් ලැප්ටොප් මිලට ගැනීමට පහසුකම් සැලසෙනු ඇති.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්