වසර 36ක සේවය නිම කොට නොවැම්බර් මස 02වන දින විශ්‍රාමයාමට නියමිත ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අද (29) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
මව්බිම වෙනුවෙන් සුමංගල ඩයස් මහතා කළ විශිෂ්ට මෙහෙය අගය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී, ඔහුගේ විශ්‍රාම දිවියට සුභාශිංසන එක් කළේය.
මේ අතර සුමංගල ඩයස් මහතා අද අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද හමුවිය.
එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර සුහඳ කතාබහක් ඇතිවිය.
2019 මැයි 29වන දින ගුවන් හමුදාපති ධූරයටපත් සුමංගල ඩයස් මහතා ශ්‍රී ලංකාවේ 17වන ගුවන් හමුදාපතිවරයා ය.
තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා ඉමහත් කැපවීමෙන් ක්‍රියාකළ ඔහු තම සේවා කාලය තුළ වඩමාරච්චි මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි සේවා පදක්කම, දේශපුත්‍ර සම්මානය, රණශූර පදක්කම (තෙවරක්), උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, උත්තම සේවා පදක්කම, විශිෂ්ට සේවා විභූෂණය ඇතුලූ පදක්කම් රැසක් හිමි කර ගත්තේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්