අන්තර්ජාලය ඔස්සේ අවුරුදු 15ක දැරියක් ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 33ක පුද්ගලයෙක් සහ විශේෂඥ වෛද්‍යවරයෙකි. කොළඹට ආසන්න රෝහලක සේවය කරන විශේෂඥ වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
දැරිය අපයෝජනය කර ඇති බවට වෛද්‍යවරයාටද චෝදනා එල්ලවේ.
මේ අතර මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය ඇමැතිවරයා වූ මොනමනි අසාමිලි නමැති අය 15 හැවිරිදි දැරියට අපයෝජන කළ වරදට ශ්‍රී ලංකාවේ පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මගින් පෙරේදා (04 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.
මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් 34ට මොහුද අයත්ය. මෙම පුද්ගලයා දැරිය මිලදීගෙන කොළඹ හෝටලයකදී අපයෝජනය කර ඇතැයි අනාවරණය වී ඇත්තේ දුරකතන අංක ඔස්සේ කළ විමර්ශනවලදී සැකකරු වසරක් තිස්සේ මෙරට රැඳී සිටින බව හෙළිවී තිබේ.
මාලදිවයිනේ ඩිරාගු ආයතනයේ සභාපති, මාලදිවයිනේ ජාතික තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ප්‍රධානී ඇතුළු තනතුරු හොබවන ඔහු මෙරටට පැමිණි පසු අන්තර්ජාලය ඔස්සේ දැරිය හඳුනාගෙන අපයෝජනය කර ඇත. මොහු මාලදිවයිනේ ප්‍රවාහන හා සන්නිවේදන භාර නියෝජ්‍ය ඇමැතිවරයා වශයෙන්ද, ජාතික ටෙන්ඩර් මණ්ඩලයේ සභාපති වශයෙන්ද කටයුතු කර තිබේ. තමන් ශිෂ්‍ය වීසා ලබාගෙන මෙරටට පැමිණි බව සැකකරු අත්අඩංගුවට ගත් මොහොතේ පවසා ඇත.
මෙම සිද්ධියට අත්අඩංගුවට ගත් මෙම පිරිස අතර දැරියගේ මව, ඇයව ජාවාරම් කළ පුද්ගලයා සහ ඔහුගේ අනියම් බිරිය, චීවරධාරියකු, වෙබ් අඩෙවි හිමිකරුවන්, හෝටල් කළමනාකරුව, දේශපාලකයන් හා කෝටිපති ව්‍යාපාරිකයන් වශයෙන් තිසි දෙනකු සිටින බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
මාලදිවයින් ජාතික සැකකරු එළැඹෙන 16 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙසත් එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම නියෝග කළාය.
අදාළ දැරිය සම්බාහනයක් සඳහා සැකකරු විසින් කොල්ලුපිටියේ පිහිටි මරීනා බීච් හෝටලය රැගෙන විත් ඇත්තේ රුපියල් 20000ක මුදලක් ගෙවාය. දැරියට අවුරුදු 21ක් බව ඇය රැගෙන පැමිණි අය තම සේවාදායකයාට දැනුම් දී ඇතැයි ද සැකකාර මාලදිවයින් ජාතිකයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තුසිත ගුණසේකර අධිකරණය වෙත දන්වා සිටියේය.
දැරිය සම්බාහනය කිරීමේ දී ගල්වන ලද තෙල් වර්ගය ගැන තම සේවාදායකයා සෑහීමකට පත් වී නොමැති බව දන්වා සිටි නීතිඥ තුසිත ගුණසේකර, ලිංගික කටයුතු කිරීමට අවශ්‍ය නම් රුපියල් 30000ක් 40000ක් පමණ අවශ්‍ය බව පවසා ඇතැයි දන්වා සිටියේය.
ලංකා ඇඩ් ඩොට්කොම් වෙබ් අඩවිය හරහා පලකර තිබූ දැන්වීමකට අදාළව දුරකතන ඇමතුමක් දී සැකකරු දැරිය මිලදී ගෙන ඇතැයි දන්වා සිටි පොලිසිය දැරිය සැකකරු රැගෙන ගිය මරීනා බීච් හෝටලයේ පිරිසකගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව අධිකරණයට දන්වා සිටියේය.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්