ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ අධ්‍යාපනය සඳහාම වෙන් වූ විශේෂ ගුවන් විදුලි නාලිකාවක් ඇරඹීමට රජය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මේ අනුව ප්‍රාථමික, ද්විතීයික හා උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයන් සම්බන්ධයෙන් ද එම නාලිකාව ඔස්සේ ආවරණය කෙරෙන බව කී ඇමතිවරයා හැකි ඉක්මනින් එම නාලිකාව ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කරයි.
ඊට අදාළ වියදම් අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ලබාගන්නා බව කී ඇමතිවරයා ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ ඒකාබද්ධ පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙන බවද පවසයි.
අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර ඇත.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති