මෙම දිනවල දිවයිනේ විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් කඨින පූජෝත්සවය පැවැත්වෙන අතර, ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය විචාර පිළිබඳ විශේෂ නිවේදනයක් බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් අද (05) නිකුත් කර තිබෙනවා.
මේ හේතුවෙන් සංස්කෘතික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, සියලුම විහාරස්ථාන විසින් නිවේදනයේ ඇති කරුණු කෙරෙහි අවධානය යොමුකොට ක්‍රියා කරන ලෙසයි.
ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් විහාරස්ථාන තුළ කඨින පූජෝත්සවය පැවැත්වීමට කටයුතු කරන ලෙස දන්වා ඇති අතර, පූජනීය ස්ථානවල භක්ති ගීත ප්‍රචාරය කිරීමේදී වර්තමානයේ පවතින ජනප්‍රිය ගීත නොව, ආගමික පසුබිමක් පවතින සහ ආගමික ස්ථානයකට උචිත ගීත පමණක් වාදනයට පියවර ගනිමින්, එකී ආගමික කටයුත්තේ පූජනීයත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසටයි එම නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්