ප්‍රමාණවත් තරම් ගුවන් වාර නොමැති කමින් මෙරටින් විදේශ රටවල්වලට අපනයනය කරන විසිතුරු මත්ස්‍ය ඇනවුම් එම රටවලට ලබාදීම ප්‍රමාද වී ඇති බව විසිතුරු මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඩ්‍රිෂාන්ත ඇලෙක්සැන්ඩර් පවසති.
ඇමරිකාව, එංගලන්තය, ජපානය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, ඉතාලිය ඇතුළු රටවල් ගණනාවකින් මේ වන විටත් මත්ස්‍ය ඇණවුම් ලැබී තිබුණත් එම ඇණවුම් ලබාදීමට ප්‍රමාණවත් ගුවන්යානා නොමැති බව ඔහු පැවසුවේය.
සභාපතිවරයා කියා සිටියේ මේ පිළිබඳව අවස්ථා ගණනාවකදීම අපනයන සංවර්ධන මණ්ඩලය ඇතුළු අදාළ බලධාරින් දැනුවත් කලත් කිසිදු විසඳුමක් තවමත් ලැබි නොමැති බවය.
ශ්‍රී ලංකාවට විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් විශාල ආදායමක් වාර්ෂිකව මෙරටට ලැබෙන බවත් මෙරට විසිතුරු මත්ස්‍යයන්ට යුරෝපය ඇතුළු රටවල්වල විශාල ඉල්ලුමක් ඇති බවත් ඔහු පැවසුවේය. එම ඉල්ලුමට සරිලන ලෙස සැපයුම් ලබාදීමට නොහැකි වුවහොත් මෙරටට ලැබෙන ඇණවුම් ශීඝ්‍රයෙන් අඩුවිය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි