මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමකට අයත් බව කියන ප්‍රාඩෝ වර්ගයේ අධිසුඛෝපබෝගි ජිප් රථයෙන් අරක්කු බෝතල් 25 ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් මැණික්හින්න පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයා ජීප්රියේ රියදුරු බවත් ඔහු මැණික්හින්න පොලිස් වසමේ පදිංචි අයකු බවත් පොලිසිය කළ විමර්ශනවලදි හෙළිවී ඇත.
අත්අඩංගුවට ගත් අරක්කු තොගයත් ප්‍රාඩෝ වර්ගයේ ජිප් රියත් පොලිසිය බාරයේ පවතියි.
මණික්හින්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනිල් ආරියවංශ මහතා සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂන සිදුකරයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක