පුහුණු සංක්‍රමණික ශ්‍රමිකයින් අහිමිවීමේ ගැටලුවට මුහුණදෙමින් සිටින නවසීලන්තය එය වළක්වා ගැනීම සඳහා සංක්‍රමණික පුද්ගලයින් සඳහා ස්ථීර පදිංචිය පහසුකිරීම සඳහා වීසා 165,000ක් නිකුත් කිරීමට තීරණය කර තිබේ.
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් වීසා නිකුත්කිරීමේ ක්‍රමවේදයේ ඇතිවූ ප්‍රමාද හේතුවෙන් බොහෝ පුහුණු ශ්‍රමිකයින් නවසීලන්තය හැරදා යන තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.
නවසීලන්ත බලධාරීන් නව ක්‍රමවේදය හඳුන්වා දී ඇත්තේ ඊට විසඳුමක් වශයෙනි.
එමගින් බොහෝ සංක්‍රමණිකයින් සඳහා පහසුවෙන් නවසීලන්තයේ පුරවැසිභාවය හිමිකර ගැනීමට වාසනාව හිමිවෙයි. විශේෂයෙන් ම සෞඛ්‍ය ක්ෂේත්රයේ ශ්‍රමිකයින් රැසක් වීසා බලපත්‍ර පමාවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව සඳහන් වෙයි.
ඔවුන්ගේ අයදුම්පත් වසරක් තුළ අනුමත කිරීම එරට බලධාරීන්ගේ සැලසුම ය.
මෙම ක්‍රමවේදය දෙසැම්බර් මස සිට ඇරඹීමට කටයුතු සම්පාදනය කර ඇති බව වාර්තා විය.
More Stories
නව යුගයේ පොදු ඉරණමක් සහිත සර්වකාලීන චීන-කාම්බෝජ ප්‍රජාවක් බිහිකිරීමට චීන ජනපති සහ කාම්බෝජ අගමැති අතර එකඟතාවක්
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්