චීනයේ නගර 20 කින් සහ පළාත් 18 කින් ‘කොවිඩ් 19 ඩෙල්ටා’ ආසාදිතයන් හමුවී ඇතැයි චීන සෞඛ්‍ය අංශ පවසයි.
2019 දෙසැම්බරයේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වුණු චීනයේ වූහාන් නුවරින් ද මේ වනවිට ‘ඩෙල්ටා’ ආසාදිතයන් අට දෙනකු හමුවී ඇති බව ද සෞඛ්‍ය අංශ වැඩි දුරටත් කියා සිටී.
පසුගිය සඳුදුා (2) දිනයේ පමණක් චීනයෙන් දේශීයව හඳුනා ගත් කොරෝනා ආසාදිතයන් ගණන 55 ක් යැයි පැවැසෙයි. වූහාන් නුවර වයිරස ව්‍යාප්තියට හේතුව සංක්‍රමණික සේවකයන් පිරිසක් බවත්, වයිරස ව්‍යාප්තිය ආරම්භ වී ඇත්තේ දුම්රිය ස්ථානයක් කේන්ද්‍රකොට ගනිමින් බවත් සිදු කළ විමර්ශනවලිවන් අනාවරණය වී ඇත.
ආසාදිතයන් හමුවුණු නගර සහ පළාත් මුළුමනින්ම වසා දමා ඇති අතර, මිලියන ගණනක් චීන වැසියෝ මේ වනවිට එම නගර සහ පළාත්වල කොටුවී සිටිති. ලොක්ඩවුන් කෙරුණු නගරවල සියලු දෙනා පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කෙරේ.
චීනයේ ‘ඩෙල්ටා’ ව්‍යාප්තිය ආරම්භ වූයේ නැංජිංග් නගරයේ ගුවන්තොටුපොළෙනි. මුල්ම ඩෙල්ටා ආසාදිත කොරෝනා රෝගීන් ලෙස හඳුනා ගැනීම සිදුවූයේ ගුවන්තොටුපොළේ පිරිසුදු කිරීමේ සේවිකාවන් පිරිසකි.
නැංජිංග් නගරයෙන් ව්‍යාප්ත වුණු ‘ඩෙල්ටා’ විකෘතිය හේතුවෙන් මේ වනවිට, දින 10 ක් ඇතුළත චීනයෙන් වාර්තා වන නව දේශීය ආසාදිතයන් ගණන 360 කි.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි