වෘත්තීය සමිති 13 කට අයත් වනජීවි නිලධාරීන් හෙට පෙරවරු 8.00 සිට දීප ව්‍යාප්තව සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
ඒ , පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළු ස්වාභාවික සම්පත් සුරක්ෂිත කර දෙන්නැයි රජයට බල කරමිනි.
ඒ සඳහා බලධාරින් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ද සමස්ත ලංකා ඒකාබද්ධ වන ජිවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා සඳහන් කළේය.
“පොලොන්නරුව ජල ගැළුම් නිම්න රක්ෂිතයේ අනීතික කටයුතු සිදු කිරිම සඳහා රාජ්‍යය අමාත්‍යවරයා මේ වන විට පිඹුරුපත් සකසමින් ඉන්නවා.
අපි මේ සම්බන්ධයෙන් සාකච්ඡා මට්ටමින් විසදුම් ලැබෙනතෙක් බලා සිටියා. නමුත් කිසිදු විසදුමක් ලැබුණේ නැ.
ඒ නිසා හෙට දින සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹී ගහ කොල සතු සිව්පාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරනවා” යනුවෙන් සඳහන් කර සිටියා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්