ඇමෙරිකාවේ චිකාගෝ නගරයේ සුපිරි වෙළෙදසැලක සිදුවූ වෙඩි තැබීමකින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ රාත්රියේ ජනාකීර්ණ සාප්පු සංකීර්ණයකට කඩාවැදුනු හදුනානොගත් තුවක්කුකරුවන් පිරිසක් වෙඩි ප්රහාර මාලාවක් එල්ලකිරීමත් සමග කලබලයට පත් පිරිස් ආරක්ෂාව සදහා එහි තිබූ කාමරවලට දිවයන ආකාරය ආරක්ෂිත කැමරාවල සටහන්වී තිබුණා. වෙඩි ප්රහාරයට ලක්වූ කිහිප දෙනෙක් රෝහල් ගතකිරීමට කටයුතු කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පැවසෙන්නේ.
තත්ත්වය පාලනය කිරීම සදහා පොලිස් නිලධාරීන් සියයක් පමණ පැමිණ තිබෙනවා. සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් අතර සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නැහැ.
More Stories
ජර්මන් මැතිවරණයේ ජයග්රහණය විපක්ෂ සන්ධානයට
14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ 14 වැනි සැසිවාරය පැවැත්වේ
චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන ඇමරිකාව සීමා කිරීමෙන් සිය ප්රතිලාභයට හානි වේ