වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සදහන් කරයි.
ඔහු පවසන්නේ විහාරස්ථාන, වෙසක් කලාප ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සිදුකරන ස්ථාන ආශ්‍රිතව මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සදහන් කළේය.
මේ අතර වෙසෙක් පොහොය වෙනුවෙන් බන්ධනාගාරගත සිරකරුවන් හට අමුත්තන් බැලීම සදහා විශේෂ අවස්ථාවක් ලබා දී තිබේ.
ඒ අනුව හෙට සහ අනිද්දා යන දින දෙක තුළ සිරකරුවන් සදහා අමුත්තන් බැලීමට අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර පාර්සල සහ රස කැවිලි එක් අයෙකුට පමණක් ප්‍රමාණවත් වන අයුරින් ලබාදීමට ද එම දින දෙක තුළ අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්ත්තමේන්තුව සඳහන් කළේය.
මේ අතර එළඹෙන වෙසක් උත්සවය නිමිත්තෙන් අද සිට දින තුනක කාලයක් දිවයින පුරා සුරාසැල් වසා තැබීමට පියවර ගෙන ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙම කාලය තුළ සුරාසැල් වසා තැබීම නියාමනය කිරීම සදහා නිලධාරීන් යොදවා ඇති බව අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසා ඇත.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට