වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි.
සිද්ධාර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා බුදු රජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිහිපත් කරමින් ආමිස හා ප්රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙන්.
බුදු හිමියෝ බුද්ධත්වයෙන් අටවන වර්ෂයේ මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැලණියට වැඩම කරනු ලැබුවේ වෙසක් පොහෝ දිනකදී බවයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ.
එම ගමනේදී සමනළ කඳු මුදුනට වැඩම කළ බුදු හිමියෝ සිරිපා සටහන එහි තැබූ අතර එය සිහිපත් කරමින් කෙරෙන සිරිපා සමය නිමවන්නේද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයයි.
විජය කුමරුගේ පැමිණීම, දුටුගැමුණු රජු විසින් රුවන්වැලි සෑය ඉදිකිරීම ආරම්භ කිරීමද වෙසක් පුර පසළොස්වක පෝ දිනක සිදුව තිබෙනවා.
බුදු හිමියන්ගේ ධර්ම භාණ්ඩාගාරික ලෙස සැලකෙන ආනන්ද හිමියන් අපවත් වන්නේ ද වෙසක් පෝ දිනකදි.
පාස්කු ප්රහාරය මෙන්ම කොවිඩ් වසංගතය ආදී බලපෑම් හමුවේ වසර කිහිපයක් වෙසක් උත්සවය සැමරීමට මෙරට ජනතාවට හැකිවුයේ නැහැ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්