ගොයම් කැපෙන කාලසීමාවක වී හිඟයක් පැවතිය නොහැකි නමුත් අද වනවිට මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් තමන්ට සහල් නිකුත් කරන්නේ ඉතා ඉහළ මිල ගණන්වලට බවත් රජය වහාම මැදිහත්වී සහල් ආනයනය කර හෝ මෙම තත්වය පාලනය නොකළොත් ඉදිරි සති දෙක තුළ සම්බා සහ කීරිසම්බා සහල් මිල විශාල වශයෙන් ඉහළ යනු ඇති බවත් සහල් වෙළඳුන් පෙන්වා දෙයි.
“අද රජය විසින් සහල් වලට පනවලා තියෙනවා පාලන මිලක්. සම්බා කිලෝව 98 ටත්, නාඩු කිලෝව 96 ටත්, සුදු – රතු කැකුළු සහල් 93 ටත්. නමුත් ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයින් අපට ලබාදෙන මිල සම්බා කිලෝවක් රුපියල් 140 කුත් නාඩු කිලෝවක් 106 කටත් සුදු – රතු රුපියල් 106 කටත්, අද වෙළඳපොලේ කීරිසම්බා රුපියල් 180කට වගේ ගාණකට තමයි අපට නිකුත් කරන්නෙ. නමුත් පාරිභෝගිකයින් අපේ කඩේට සහල් ගන්න ආවාම ඒ ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියන් අපට එවන මිටිවල රජයේ මිල තමයි ගහලා තියෙන්නෙ. එතකොට පාරිභෝගිකයො අපෙන් අහනවා මොකටද මේ මිල මිටියේ ගහලා තියෙද්දි ඕගොල්ලන් මෙච්චර ගාණක් අපෙන් ගන්නෙ කියලා” යනුවෙනුයි සහල් ව්‍යාපාරික ප්‍රභාත් නිශාන්ත මහතා පැවසුවේ.
“ඔවුන් සිද්ධ කරන්නෙ 98කට අපට බිල් කරනවා. ප්‍රවාහන ගාස්තු කියලා වෙනම ගාණක් ඒකට එකතු කරනවා. ඒ ප්‍රවාහනය එකතු කළාට පස්සෙ රුපියල් 140ක් වෙනවා සම්බා කිලෝ එක. පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරී මහත්වරුන් වැටළීම් සිදුකරනවා. ඒකෙත් සිද්ධ වෙන්නෙ ඒ පාලන මිලට අපට අලෙවි කරන්න බැරි නිසා, අපි වැඩි මිලට වික්කා කියලා අපිව අල්ලාගන්නවා. ඒත් ඔවුනුත් දන්නවා ඇත්තම තත්වය” යැයි සහල් ව්‍යාපාරික ජගත් ජයසූරිය මහතා එහිදී පැහැදිලි කළේය.
“මෙච්චර කල් කන්නයක් ආවාම හාල් හිඟයක් ආවෙ නෑ. නමුත් මං දකින විදියට දැනට හිඟයක් තියෙනවා කියලා කියනවා. දැන් තියෙන දැනුම අනුව වී තියෙන්න ඕනේ, නමුත් දැනට වී නැහැ. හිඟයක් පෙන්වමින්, නැත්නම් ඇත්තටම නැද්ද කියලත් අපි දන්නෙ නෑ, වැඩි මිලට එන්න එන්න මිල වැඩි වෙනවා. නමුත් අපි කියන්නෙ රජය මේ දාලා තියෙන පාලන මිල නිසා අපට හාල් අලෙවි කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නෙ රජයෙන් හෝ මේ ප්‍රශ්නයට විසඳුමක් හැටියට අඩු තරමින් පොන්නි හාල්වත් සීමා සහිත ප්‍රමාණයක් හරි ගෙන්නලා මේ ක්‍රමවේදය මැඩපැවැත්වුවේ නැත්නම් අපට සිද්ධ වේවි තව සතියක් දෙකක් යද්දි කීරිසම්බා කිලෝව රුපියල් 200 ටත් සම්බා කිලෝවක් 160 කට විතරත් මිලදී ගන්න” යැයි සහල් ව්‍යාපාරික එච්. ඒ. බුද්ධික මහතා එහිදී පෙන්වා දුන්නේය.
සහල් ව්‍යාපාරිකයින් මේ බව පැවසුවේ පෙරේදා (13) කොළඹදී කැඳවා තිබුණු මාධ්‍ය හමුවක් අමතමිනි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්